26.1 C
Galle

ගුරුවරියක පහර දී, සිසුවා රෝහලේ

Published:

ගුරුවරියක විසින් කරන ලද අමානුෂික පහරදීමක් හේතුවෙන් 04 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවකු රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ බගවන්තලාව, කර්කස්වොල් දෙමළ මාද්‍ය පාසලේ දරුවෙකි. දරුවා පොලිසියට පවසා ඇත්තේ තමන් නොකළ වරදකට ගුරුවරියක වේවැලකින් පහරදීම හේතුවෙන් තුවාල සිදු වූ බවයි.

මේ සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පති අම්මාසි රාමක්‍රිෂ්ණන්ගෙන් ඇසූ විට ඔහු කියා සිටියේ දරුවාගේ දෙමාපියන් එවැනි චෝදනාවක් කරන බවයි. කෙසේ වෙතත් ගුරුවරියගෙන් ඒ පිළිබඳ විමසීමකින් තොරව මාධ්‍යයට කිසිවක් කිව නොහැකි බව ද ඔහු කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!