26.1 C
Galle

වෛද්‍ය නිලධාරියා අදාළ නැති වැඩ කරලා. පවුල් සෞඛ්‍ය සේවිකාවකට රස්සාව නැති වෙයි ?

Published:

තම නිල නාමය භාවිතා කරමින් නීති විරෝධී ලෙස පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය‍කගේ සේවය අත්හිටුවීමේ ලිපියක් නිකුත්කළ වැලිගම වෛද්‍ය නිලධාරීවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග පවසයි.

වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලිපි ශීර්ෂයක් භාවිතා කරමින් එම කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පසුගිය 02 වැනි දා අත්තනෝමතික ලෙස වැලිගම, පාතේගම සහ වලාන කොට්ඨාසයේ සේවය කරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනයගේ සේවය අත්හිටුවා තිබිණි.

මේ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගෙන් විමසූ විට ඔහු කියා සිටියේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට තමන් යටතේ සිටින නිලධාරියකු සම්බන්ධයෙන් නිර්දේශ ලබාදිය හැකි වුව ද කිසිම අවස්ථාවක ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට හැකියාවක් නොමැති බවයි. මේ සිදුවීම පිළිබඳ සොයාබලා වාර්තාවක් එවන ලෙස මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට ද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් දැනුම් දී තිබේ.

වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජී.ආර්.ටී.ජයසේකරගෙන් මේ පිළිබඳ අප විමසුව ද ඔහු එයට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටියේය.

(තරංග ගුණරත්න)

Related articles

spot_img
error: Content is protected !!