26.7 C
Galle

ක්‍රිකට් මුදල් කෝටි ගණනින් විදෙස් බැංකුවල, විවාදය අතරතුර මුදල් ගැනීමට උත්සාහ කරලා

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් ඉවත්කළ යුතුයැයි පාර්ලිමේන්තුවට කරන ලද යෝජනාව සම්බන්ධයෙන් ඊයේ (09) විවාදය පැවැත්වෙමින් තිබිය දී ලංකා බැංකුවේ නිදහස් චතුරශ්‍ර ශාඛාවේ, ක්‍රිකට් ආයතන ගිනුමේ ඇති මුදලින් රුපියල් ලක්ෂ 40ක් ලබාගැනීමට තැත්කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඒ වනවිට විවාදය සම්බන්ධයෙන් දැනුම්වත්ව සිටි බැංකු කළමනාකරු එම මුදල් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉහළින් උපදෙස් ඉල්ලා ඇතැයි ද වාර්තා වේ.

එමෙන් ම අමාත්‍ය රොෂාන් රණසිංහ කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් කෝටි ගණනක් මහ බැංකුවෙ අනුමැතියකින් තොරව විදේශ බැංකු ගිණුම් තුනක තැන්පත් කර ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!