26.7 C
Galle

පාසලේ බැම්මට යටවී සිසුවියක මියයාම ගැන පුළුල් පරීක්ෂණ

Published:

වැල්ලම්පිටිය, වේරගොඩ විදුහලේ ජල කරාම සවිකර තිබූ තාප්පයක් කඩා වැටීමෙන් පාසල් දරුවකු මියගොස් තවත් සිසුන් පස් දෙනකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඊයේ (15) දහවල් අදාළ පාසලේ ජල කරාම සවි කර තිබූ කොන්ක්‍රීට් බැම්මක් කඩා වැටීමෙන් දෑත් සෝදමින් සිටි පළමු ශ්‍රේණියේ සිසු සිසුවියන් 06 දෙනෙකු එම බැම්මට යට වී අනතුරට ලක් විය. අනතුරෙන් තුවාල ලැබු එක් සිසුවියක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගියාය.

මෙම සිදුවීමෙන් අනතුරු ව ප්‍රදේශවාසීන් පිරිසක විසින් පාසලේ විදුහල්පතිවරයාට ද පරහ දීමක් සිදු කර ඇති බව වාර්තා වේ. පාසලේ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් මේ වනවිට පාසල තාවකාලික ව වසා දමා ඇති අතර, යළි අධ්‍යයන කටයුතු ලබන සඳුදා ආරම්භ කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!