26.7 C
Galle

හාමුදුරුවන්ගේ පිහි ඇනුමෙන්, කොස්තාපල් රෝහලේ

Published:

බෞද්ධ භික්ෂුවක් විසින් පිහියෙන් ඇනීම හේතුවෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ දෙනියාය පොලිස් ස්ථානයේ සේවය කළ 37 හැවිරිදි කොස්තාපල්වරයෙකි. විවාහකයකු වන ඔහු භික්ෂුවගේ සහෝදරියක හමුවීමට ඇගේ නිවසට ගියා යැයි උරණ වී මෙලෙස පිහියෙන් ඇන ඇති බව මේ වනවිට පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

සැකකාර භික්ෂුව 18 හැවිරිදි වියේ පසුවෙයි. එම භික්ෂුවගේ සොහොයුරිය හමුවීමට පොලිස් කොස්තාපල්වරයා ඇගේ නිවසට ගිය අවස්ථාවේ කොස්තාපල්වරයාට ඇමතුමක් ලබා දුන් භික්ෂුව විසින් ඔහු පල්ලේගම ගංගොඩපාරේ සම්බෝධි වැඩිහිටි නිවාසය අසළට ගෙන්වාගෙන ඇත. එම අවස්ථාවේ පොලිස් කොස්තාපල්වරයා සහ භික්ෂුව අතර බහින්බස්වීමක් ඇති වී භික්ෂුවගේ ගමන් මල්ලේ සඟවාගෙන තිබූ පිහියකින් කොස්තාපල්වරයාගේ ගෙල ප්‍රදේශයට පහර දී තිබේ.

‍භික්ෂුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!