26.4 C
Galle

ඇමති – ජනපති, කැමති – අකමැති, පොලිස්පති

Published:

වරින් වර සේවා දිගු ලබාදෙමින් පොලිස්පති ධූරයේ රඳවාගෙන සිටින විශ්‍රාමික පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට නැවත සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කර ඇති යෝජනාව ඊයේ (17) ව්‍යවස්ථාදායක සභාවේ බහුතරය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට අද (18) ව්‍යවස්ථාදායක සභාව නැවත රැස්වීමට නියමිතය.

සිවිල් සංවිධාන නියෝජනය කරමින් ව්‍යවස්ථාදායක සභාවට පත්ව සිටින නියෝජිතයන් තිදෙනාම හිටපු පොලිස්පතිවරයාට සේවා දිගුවක් ලබාදීම ප්‍රතික‍්ෂේප කර ඇත.

පොලිස්පතිවරයාගේ මෙම සේවා දිගුව ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇත්තේ නොවැම්බර් මස 03 වැනි දින සිට ක්‍රියාත්මක වන ආකාරයෙනි.

කෙසේ වෙතත් පොලිස්පතිවරයකු පත්කිරීමේ දී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ කැමැත්ත වී ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට එම ධූරය ලබාදීමයි. ඊට ජනාධිපතිවරයාගේ කැමැත්තක් නොමැති වීම හේතුවෙන් තවදුරටත් පොලිස්පතිවරයකු පත්කිරීම අර්බුදයක් බවට පත්ව තිබේ.

Related articles

spot_img
error: Content is protected !!