26.4 C
Galle

69 ලක්ෂයක් කාබාසිනියා කළ, යන්ත්‍ර

Published:

වැල්ලවාය, බිබිළ සහ සියඹලාණ්ඩුව මූලික රෝහල් වෙත ලබා  දී ඇති ඩිජිටල් විකිරණ ඡායාරූප සැකසුම් යන්ත්‍ර 03ම භාවිතයට ගත නොහැකි යැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙම යන්ත්‍ර 03 මිල දී ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 69ක් වැය කරමින් ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මිනි.

ජයේ විකිරණ විද්‍යා තාක්ෂණ නිලධාරීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසන්නේ මෙම යන්ත්‍රය සවිකිරීමේ දී රෝගීන්ගේ ආසාදන පාලනයට නොහැකි වී ඇති අතර නඩත්තු කටයුතු ද කළ නොහැකි වී තිබෙන බවයි.

මෙම යන්ත්‍ර මගින් පරීක්ෂණ සිදුකිරීම රෝගියාට දැඩි වේදනාකාරී බව ද හෙතෙම පෙන්වා දෙයි.

මෙම යන්ත්‍ර මිල දී ගැනීමට ටෙන්ඩර් කැඳවූ අවස්ථාවේ දී තම සංගමය එම යන්ත්‍ර යෝග්‍ය නොවන බව කීව ද එය නොසළකා හැර ඇතැයි ද මිල දී ගැනීමේ නිර්දේශ ලබාගන්න තාක්ෂණ කමිටුවට විකිරණ විද්‍යා තාක්ෂණ නිලධාරීන් සහභාගී කරගෙන නැතැයි ද ඔහු කීවේය.

Related articles

spot_img
error: Content is protected !!