27 C
Galle

වෛද්‍ය සැපයුම් ලොක්කන් 04ක් රිමාන්ඩ්

Published:

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ ඇතුළු හතර දෙනකු ලබන 29 වනදා දක්වා රිමාන්ඩ් රිමාන්ඩ් කිරීමට ‍මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම අද (20) නියෝග කළාය.

මෙලෙස රිමාන්ඩ් කර ඇත්තේ වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්‍යක්ෂ දේවශාන්ත සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර යන පිරිසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන් අද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!