27.1 C
Galle

විදුහල්පති, සිසුන්ට පොලිතීන් සහ පත්තර කවලා. ළමයි රෝහලේ

Published:

දිවා ආහාරය, පොලිතීන් සහ පත්තර කොළවල ඔතාගෙන පැමිණි සිසුන් පිරිසකට එම පොලිතීන් සහ පත්තර පිටු කැවූ විදුහල්පතිවරයකු සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ නාවලපිටිය, රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයෙනි.

විදුහල්පතිවරයාගේ මෙම දඬුවමට මුහුණ දුන් සිසුන් දෙදෙනකු අසනීප වී නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

පොලිසිය පවසන්නේ විදුහල්පතිවරයා පැමිණ සිසුන් පරීක්ෂා කළ අවස්ථාවේ ඔවුන් දිවා ආහාරය ගෙන ඉවතලන පොලිතිනි හා පත්තර පිටු නැවත රැගෙන යාමට බෑගයේ දමාගෙන තිබී ඇති බවයි. විදුහල්පතිවරයා එම පොලිතින් හා පත්තර පිටු එළියට ගන්නැයි සිසුන්ට නියෝග කර පසුව ඒවා කටේ දමාගෙන ගිලින්න යැයි ද බලපෑම් කර ඇති බව ද පොලිසිය කියයි.

Related articles

spot_img
error: Content is protected !!