27 C
Galle

නඩුවක් අවසන් කිරීමට, ලිංගික අල්ලස් ඉල්ලූ එස්අයි අත්අඩංගුවට

Published:

උසාවියේ විභාග වෙමින් පවතින නඩුවක් අවසන් කරදීමේ පොරොන්දුව පිට කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ගැනීමට ගිය උප පොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් සහ දූෂණ මර්ධන ඒකකයේ නිලදාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ කාන්තාවගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.

කල්මුණේ මජීඩ්පුරම් ප්‍රදේශයේ පදිංචි කාන්තාවට එරෙහිව කල්මුණේ පොලිසිය විසින් පවත්වාගෙන යන නඩුවක් අවසන් කිරීමට එම උප පොලිස් පරීක්ෂකවරයා අදාළ කාන්තාවගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ. ඇය මේ බව අල්ලස් හෝ දූෂණ මර්ධන ඒකකයට පැමිණිලි කිරීමෙන් අනතුරුව එම කොමිසමේ උපදෙස් මත ඇය ක්‍රියාකර තිබේ. එ අනුව කල්මුණේ හිමායා බීච් හෝටලයේ දී එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!