26.9 C
Galle

කොළඹ ප්‍රදේශ රැසකට ජලය නෑ

Published:

කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශ ගණනාවකට ජල සැපයුමේ හදිසි බිඳවැටීමක් ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කොළඹ, දෙහිවල-ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලටත්, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලටත් මේවන විට ජල සැපයුම අත්හිටුවා ඇත.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදු වූ හදිසි විදුලි බිඳවැටීමක් හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවීමට සිදු ව තිබේ.

කෙසේ වෙතත් මේ වන විට අදාළ අලුත්වැඩියා කටයුතු සිදු කෙරෙමින් පවතින බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!