26.9 C
Galle

පොලිස්පති යළි ධූරයට සමුදෙයි. වැඩබැලීමට දේශබන්දු ?

Published:

පොලිස්පති, සී.ඩී.වික්‍රමරත්න අද (25) පොලිස්පති ධූරයට නැවත වතාවක් සමුදුන්නේ ය. වයස අවුරුදු 60 සම්පූර්ණවීමෙන් පසු ඔහු සේවා දිගු 03ක් ලබා තිබිණි. 

තමන්ගේ සේවා දිගුව අවසන්වීම නිසා ධූරයෙන් ඉවත්ව යන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දුරකථන ඇමතුම් ලබාදී ඇතැයි ද පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමට සූදානමක් ඇතැයි ද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Related articles

spot_img
error: Content is protected !!