26.9 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 6,118ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 579ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 46ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,480ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සම්පත් බැංකුව රුපියල් මිලියන 132
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 86
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 47

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • සම්පත් බැංකුව කොටස් මිලියන 1.9
  • එල්සීබී ෆිනෑන්ස් සමාගම මිලියන 1.8
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන  1.7

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඔටෝ ඩ්‍රොම් සමාගම 21%
  • ලංකා සෙරමික් සමාගම 10%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් 900,000ක් රුපියල් 77.50 බැගින්
  • සම්පත් බැංකුව කොටස් මිලියන 01ක් රුපියල් 67.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 258
  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 252
  • ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 181

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 65කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 11ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 54ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • සම්පත් බැංකුව රුපියල් මිලියන 35
  • කොමර්ෂල් බැංකු රුපියල් මිලියන 12
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 12

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 6.6
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 1.2

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!