27 C
Galle

ලොව දුක්බරම සත්වයා මියයයි

Published:

ලොව දුක්බර ම අලියා ලෙස හැඳින් වූ පිලිපීනයේ “මාලි” මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අලිය1981 වර්ෂයේ දී ශ්‍රී ලංකාවෙන් පිලිපීනයට ගෙන ගොස් ඇත්තේ වයස මාස 11ක් වැනි කුඩා කාලයේ දී ය. එතැන් පටන් තනිවම ජීවත් වූ මාලි ඊයේ සවස ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් මියගිය බව එරට පශු වෛද්‍යවරු තහවරු කර ඇත.

පිලිපීනයේ මැනිලා නගරයේ පිහිටි සත්වෝද්‍යානයේ මේ අලියා හුදකලා ජීවතියක් ගත කළ බැවින් ලොව දුක්බරම අලියා ලෙස නම්කර තිබිණි. වසර 42ක් එම සත්වෝද්‍යානයේ සිර වී සිටි මාලි පිළිබඳ ලෝකය පුරා සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීන්ගේ ද දැඩි අවධානයක් යොමුව තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!