27 C
Galle

විදුහල්පති රිමාන්ඩ්

Published:

නාවලපිටිය රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 05 දෙනකුට පොලිතීන් කැවූ බවට චෝදනා ලැබූ විදුහල්පතිවරයා ලබන 04 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට නාවලපිටිය මහේස්ත්‍රාත් නිලන්ත විමලවීර අද (29) නියෝග කළේය.
විදුහල්පතිවරයාගේ මෙම දඬුවමට මුහුණ දුන් සිසුන් දෙදෙනකු අසනීප වී නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබිණි.
පොලිසිය පවසන්නේ විදුහල්පතිවරයා පැමිණ සිසුන් පරීක්ෂා කළ අවස්ථාවේ ඔවුන් දිවා ආහාරය ගෙන ඉවතලන පොලිතිනි හා පත්තර පිටු නැවත රැගෙන යාමට බෑගයේ දමාගෙන තිබී ඇති බවයි. විදුහල්පතිවරයා එම පොලිතින් හා පත්තර පිටු එළියට ගන්නැයි සිසුන්ට නියෝග කර පසුව ඒවා කටේ දමාගෙන ගිලින්න යැයි ද බලපෑම් කර ඇතැයි ද අධිකරණයේ දී ප්‍රකාශ විය.

Related articles

spot_img
error: Content is protected !!