31.6 C
Galle

සමරිසි විවාහයට ආශිර්වාද ලැබෙයි

Published:

සමලිංගික යුවළ ආශිර්වාද ගැන්වීම කතෝලික පූජකවරුන්ට නිල වශයෙන් අවසර ලබාදීමට ෆ්‍රැන්සිස් පාප්තුමා විසින් තීරණය කරන ලදී.

දෙවියන්, සියලුමදෙනා එක හා සමානව පිළිගන්නා බව කියමින් මෙම තීරණයට එළඹ ඇති අතර එය ලොව සමිරිසි ප්‍රජාව වෙනුවෙන් ගත් වැදගත් ම ඉදිරි පියවරක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වුවද සමරිසි යුවළ සඳහා ආශිර්වාද කිරීමේ දී ඇතැම් කොන්දේසිවලට යටත් වීමට පූජකවරුන්ට සිදුවෙයි. ඉන් එක ප්‍රධාන කරුණක් වන්නේ අදාළ සමරිසි යුවළ එම දේවස්ථානයේ දෛනික චාරිත්‍රවල කොටස්කරුවන් නොවන්නේ නම් පමණක් මෙලෙස ආශිර්වාද ගැන්වීමට හැකිවීමයි.

කෙසේ නමුත් විවාහය යනු සාමාන්‍ය කාන්තාවක් සහ පුරුෂයෙකු අතර සිදුවන ක්‍රියාවක් ලෙස අඛණ්ඩව සැලකීමට ද කතෝලික පල්ලිය තීන්දු කර ඇත.

පාප්තුමාගේ උපන් රට වන ආර්ජන්ටිනාවේ ජනතාව ද මෙම තීරණය අර්ථ දක්වන්නේ අසමානතාවට එරෙහිව ගත් නිර්භීත තීරණයක් ලෙසය.

Related articles

spot_img
error: Content is protected !!