29.4 C
Galle

යළි මහ වැසි

Published:

නැවතත් වැසි තත්වයේ වර්ධනයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්ත්මේන්තුව පුරෝකථනය කරයි.

අද (09) සහ හෙට (10) දිනවලදී උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල මෙලෙස වැසි වැඩිවීමට නියමිතය. එමෙන් ම දිවයිනේ බොහෝ ප්‍රදේශ වළාකුළුවලින් බරව පවතින බව ද පැවසේ. උතුරු, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. 

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ සඳහන් කර ඇත.

අනෙකුත් ප්‍රදේශවල සවස 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද පැවසේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල උදැසන කාලයදී ද වැසි ඇතිවිය හැකිය.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවීමට නියමිතය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related articles

spot_img
error: Content is protected !!