අද (17) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ පික්මී සමාගම රුපියල් මිලියන 161ක පිරිවැටුමක් වාර්තා කරමින් අද දිනය තුළ වැඩිම පිරිවැටුම වාර්තා කරන ලදී.
අද කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 13,839ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1334ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 109ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,023ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- පික්මී සමාගම මිලියන 161
- හේලීස් සමාගම මිලියන 96
- නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මිලියන 96
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 6.9
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 4.9
- සිට්‍රස් ලෙෂර් සමාගම කොටස් මිලියන 4.7
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ටෙස් ඇග්‍රො එක්ස් සමාගම 07%
- ලංකා වෙන්චර්ස් සමාගම 05%
- ගෙස්ටෙට්නර් සමාගම 04%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 414
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 340
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 333
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 29 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 242ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 213ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්මන්ට් සමාගම රුපියල් මිලියන 16
- ඩී එෆ් සී සී බැංකුව රුපියල් මිලියන 06
- අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 01
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- පික්මී සමාගම රුපියල් මිලියන 153
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 61
- එච් සෙනිඩ් සමාගම රුපියල් මිලියන 12
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



