28.1 C
Galle

බෝපේ පෝද්දල අයවැය සම්මතයි. එජාපයේ දෙදෙනෙක් සහය දෙති

Published:

බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ අයවැයි අද (17) වැඩි ඡන්ද 11 කින් සම්මත විය. අයවැටය පක්ෂව ඡන්ද 15ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 04ක් ලැබිණි. එක් මන්ත්‍රීවරයකු ඡන්දය දීමෙන් වැළකී සිටි අතර මන්ත්‍රීවරු දෙදෙනකු අද දින ප්‍රාදේශීය සභා රැස්වීමට පැමිණන සිටියේ නැත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමිව තිබෙන බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ අයවයැට පක්ෂව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනකු වන ඩඩ්ලි ඩන්ස්ටන් සහ හුසේන් කියාස් ද ඡන්දය ප්‍රකාශ කර අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු දෙදෙනා ද අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය. අයවැයට පක්ෂ වූ හුසේන් කියාස් පසුගිය මහ මැතිවරණයට සමගි ජන බලවේගයනේ ගාල්ල දිස්ත්‍රික්කයට තරඟ කළ අපේක්ෂකයෙකි.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් වන ප්‍රේමලාල් අබේසේකර, රංගනී කුමාරි සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් වන ඉන්දික විජේවික්‍රම සහ අනිල් බන්දුතිලක අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්රුක් අබේකෝන්ගේ ප්‍රධානත්වයෙන් අද (17) සභා රැස්වීම පැවැත්විණි.  

Related articles

spot_img
error: Content is protected !!