26.8 C
Galle

රජයට වෙන වැඩ නෑ. රාජ්‍ය නිලධාරීන් පැවිදි කරවයි

Published:

රජයේ නිලධාරීන් පිරිසක් තායිලන්තයට යවා ඔවුන්ට තාවකාලික පැවිද්ද ලබාදීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මේ සම්බන්ධ විස්තර දක්වමින් එම අමාත්‍යාංශයේ MBRCA/0215/Foreign අංකය සහිතව සියලුම අමාත්‍යාංශය ලේකම්වරු වෙත පසුගිය 08 වැනි දා ලිපියක් යොමුකර ඇත.

එම ලිපියේ දැක්වෙන්නේ තායිලන්ත රජුගේ උපන්දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් තාවකාලික පැවිද්දට යොමුකරන බවයි.

මෙම අවස්ථාව ඇත්තේ රාජ්‍ය සේවයේ නිරත ආගමික කටයුතු සදහා විශේෂ උනන්දුවක් දක්වන පිරිමි පාර්ශවයට පමණක් බව ද එම ලිපියේ සදහන් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!