27.4 C
Galle

නව ඇමෙරිකානු තානාපතිනිය, පැමිණීමටත් පෙර චීනයට විරෝධය දක්වයි

Published:

චීන පර්යේෂණ නෞකා ශ්‍රී ලංකා මුහුදු කලාපයෙන් ඉවත්කර තැබීමට අඛණ්ඩව කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනිය ලෙස පත්වීමට නියමිත කැත්‍රින් හෝර්ස්ට් ඇමෙරිකාවේ සෙනට් සභාවට පවසා ඇත.

ඇය මීට පෙර අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පාකිස්තානය භාර ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ලෙස කටයුතු කළාය.

ඉම්රාන් ඛාන් අගමැතිවරයා ලෙස කටයුතු කරන කාලයේ දී එරට කටයුතු සඳහා අමෙරිකාවේ ප්‍රබලව මැදිහත්වීමක් සිදුවූ බවට ද චෝදනා එල්ලවන්නේ එවන් පසුබිමක් තුළය.

කෙසේවෙතත් හෝස්ට් මෙරට තානාපතිනිය ලෙස පත්වන්නේ එරට සෙනෙට් සභාවේ සහ ශ්‍රී ලංකා රජයෙන් අනුමැතිය හිමිවීමෙන් පසුව වන අතර පසුගියදා ඇය අමෙරිකාවේ සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව හමුවට කැඳවනු ලැබීය.

Related articles

spot_img
error: Content is protected !!