27.2 C
Galle

බදුල්ලට යන පාරවල් විවෘත කරයි

Published:

බදුල්ලට පිවිසීමට තිබූ ප්‍රධාන මාර්ග දෙක ම (19) අද නැවත විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

ඇල්ල පස්සර ප්‍රධාන මාර්ගයේ 21 වැනි කිලෝ මීටර කණුව ආසන්නයේ කොටුගහතැන්න ප්‍රදේශයට ගල් සමඟ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය වසා දමා තිබිණි.

එමෙන් ම රාත්‍රී කාලයේ දී වසා දැමුණු ඇල්ල, කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේ මාර්ගය ද මේ වනවිට විවෘත කර තිබේ.  ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ මලිතගොල්ල හරහා යාමට ඇති කොටස ද මේ වනවිට විවෘත කර ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධයස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ.එම්.එල්.උදයකුමාර පවසයි.

ඔහු පවසන්නේ වැසි තත්වය තරමක් අඩුවීම හේතුවෙන් රොන් මඩ ගලා ඒම අඩු වී තිබෙන බවයි.

Related articles

spot_img
error: Content is protected !!