27.2 C
Galle

මත්පැන් සමාගම් තවත් කෝටි 700කට පොලු තියලා

Published:

බදු නොගෙනවා සිටි මත්පැන් සමාගම් රුපියල් කෝටි 700ක තවත් බදු ප්‍රමාණයක් නොගෙවා ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

බදු මුදල් නොගෙවා සිටි මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අවලංගු කිරීමෙන් පසු එම සමාගම් හිග බදු මුදල් ගෙවා නැවත බලපත්‍ර ලබාගත්ත ද ඉන්පසු නැවත රුපියල් කෝටි 700ක පමණ බදු ගෙවීම පැහැර හැර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය  හර්ෂ ද   සිල්වා කියා සිටියේ කළේ සුරා බදු නිලධාරීන් මත්පැන් නිෂ්පාදකයන්ගෙන් බදු අය කර ගැනීමේ දී විශාල අක්‍රමිකතා සිදුකරන බවයි. පසුගිය දා හඳුන්වාදුන් ස්ටිකර් ඇලවීමේ ක්‍රමයේ දී ද මෙවැනි වංචා දක්නට ලැබුණු බව වාර්තා වේ.  එම නිසා සුරා බදු අය කර ගැනීම විධිමත් කිරීමට නම් සුරාබදූ දෙපාර්තමේන්තුවට   ඩිජිටල් පද්ධතියක් හඳුන්වා දිය යුතු බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!