26 C
Galle

සජිත් – අනුර විවාදය ස්ථිරයි. දින නියම කරගනී

Published:

විවාදයක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ලබාදුන් දින අතරින් ජුනි 06 වැනි දිනය අනුර කුමාර දිසානායක විසින් භාරගත් බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පවසයි.

ඒ අනුව විවාදය සූදානම් කිරීම සඳහා නලින් බණ්ඩාර සමඟ සාකච්ඡා කරන බවත් විවාදය පැවැත්වෙන ස්ථානය, වේලාව සහ විෂයපථය එම සාකච්ඡාවේ දී තීරණය කරන බවත් හෙතෙම සඳහන් කළේය.

මීට අමතරව සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය යන පක්ෂ දෙකෙහි ආර්ථික කමිටු අතර විවාදය මැයි මස 27 සහ 31 අතර දිනයක දී පැවැත්වීමට අපේක්ෂා කරන බව ද වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් සඳහන් කරයි.

Related articles

Recent articles

error: Content is protected !!