27.2 C
Galle

වරෙන්තු 59ක් සමඟ, සැඟවී සිටි කතක් අල්ලයි

Published:

වරෙන්තු 59ක් ලබා පොලිසිය සහ අධිකරණය මගහරිමින් සිටි කාන්තාවක් කොළඹ සම්බාහන මධ්‍යස්ථානයක දී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

ඇය එම සම්බාහන මධ්‍යස්ථානයේ තෙරපිවරියක ලෙස සේවය කරමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ සෝයාමීට් ඇසුරුම් කිරීමෙන් මුදල් ලබාදෙන පවසමින් පිරමීඩ ක්‍රමයේ ව්‍යාපාර සැළැස්මක් ඉදිරිපත් කර ඇය රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත, සූරියගම ප්‍රදේශයේ පදිංචි නමුත් නුගේගොඩ, නාවල පාරේ තාවකාලිකව නතර වී සිටි 41 හැවිරිදි වියේ කාන්තාවකි.

Related articles

spot_img
error: Content is protected !!