27.4 C
Galle

බූස්සේ දී තරුණයන් තිදෙනකු දුම්රියට බිලි

Published:

ගාල්ල, බූස්ස සිට පිංතාලිය දෙසට දිවෙන මාර්ගයේ ඇති දුම්රිය හරස් මාර්ගයේ දී අද (23) සවස යතුරුපැදියක් රුහුණු කුමාරී දුම්රියේ වැදීමෙන් තරුණයන් තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ තෙලිකඩ කැකිල්ලමණ්ඩිය ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි වියේ පසු වූ මිතුරන් තිදෙනෙකි. ඔවුන් දන්සැල් වෙත යාමට ගොස් ඇතැයි ද දැනගන්නට ඇත.

පොලිසිය පවසන්නේ එක් තරුණයකු අනතුර වූ ස්ථානයේ ම මියගොස් සිටි අතර අනෙක් තරුණයන් දෙදෙනා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!