28 C
Galle

ශ්‍රී ලංකා නැවක් මස්කට් අසළ දී මුහුදේ ගිලෙයි

Published:

ශ්‍රී ලංකා ධජය සහිතව යාත්‍රා කරමින් තිබූ නෞකාවක් ඔ්මානයේ මස්කට් ආසන්නයේ ගිලී ගොස් ඇතැයිි ඔ්මාන් ඔබ්සවර් වෙබ් අඩවිය වාර්තාකර ඇත.

මෙම නෞකාවේ විවිධ භාණ්ඩ හා තෙල් ඇති බවත් අනතුරට ලක්වන අවස්ථාවේ කාර්ය මණ්ඩලයේ 06 දෙනකු සිටි බවත් වාර්තා වෙයි. මේ නැව අනතුරට පත්ව ඇති බව වාර්තාවීමත් සමඟ ඔ්මාන් රාජ්‍යයේ සමුද්‍රීය ආරක්ෂක මධයස්ථානය හා ආරක්ෂක අංශ නියේජිතයන් හදිසි රැස්වීමක් කැඳවා අවශ්‍ය සියලුම ආරක්ෂක පියවර ගැනීමට කටයුතු කර ඇතැයි ද මාධ්‍ය වාර්තා කරයි.

නැවේ ඇති තෙල් කාන්දුවීම වැළැක්වීමට කටයුතු කර ඇති බවත් නැවේ සිටි කාර්ය මණ්ඩලය ඉවත්කර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවත් පැවසේ. ඔවුන් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව ද වාර්තා කර ඇත.

මූලාශ්‍රය – https://www.omanobserver.om/

Related articles

spot_img
error: Content is protected !!