27.4 C
Galle

ව්‍යාජ මැණික් විකුණන්න ගිය පිරිසක් රිමාන්ඩ්

Published:

නිධානයකින් ගත් බව කියමින් ව්‍යාජ මැණික් පෙන්වා මුදල් ලබාගැනීමට තැත්කළ 06 දෙනකු හෙට (27) දක්වා රිමාන්ඩ් කිරීමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ති‍ෙ

මෙලෙස රිමාන්ඩ් කර ඇත්තේ නෙළුවේ සිට කටුගස්තොට ප්‍රදේශයට පැමිණ පොලිස් අත්අඩංගුවට පත් වූ පිරිසකි. ඔවුන් ගාල්ල, හිනිදුම, ඇතුල්කෝට්ටේ සහ හෙයියන්තුඩුව පදිංචිකරුවන් බවත් ඒ අතර හරකඩ පදිංචි කාන්තාවක් සිටින බවත් පොලිසිය පවසයි.

මැණික් ගල් මිල දී ගන්නා පුද්ගලයකු තැරැව්කරුවකු මාර්ගයෙන් සම්බන්ධ කරගෙන ඔවුන් මෙලෙස නෙළුවේ සිට කටුගස්තොට ප්‍රදේශයට පැමිණ ඇත. තැරැව්කරු මෙම මැණික්ගල් ව්‍යාජ ඒවා බව දැන පොලිසියට ඒ බව දැනුම් දී තිබේ. පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගෙන ඊයේ (25) අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!