27.4 C
Galle

කසිප්පු බී 04 දෙනකු, අවසන් ගමන් යයි

Published:

දඹුල්ල විහාර හන්දිය ආසන්නයේ අනවසර මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ස්ථානයකින් මත්පැන් පානය කළ පුද්ගලයන් හතර දෙනකු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය පවසයි.

මියගිය හතර දෙනාගෙන් දෙදෙනකු දින දෙකකට පෙර එම ස්ථානයෙන් මත්පැන් පානය කිරීමෙන් පසු මියගොස් ඇති අතර අනෙක් දෙදෙනා අද (29) මත්පැන් පානය කිරීමෙන් පසු මියගොස් තිබේ.

පොලිසිය පවසන්නේ මෙම අනවසර මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානය අවස්ථා කිහිපයක දී ම වැටලීම් කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් දඬුවම් ද ලබා දී ඇති බවයි.

මෙම මරණ හතර සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු දඹුල්ල පොලිසිය විසින් පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!