27.5 C
Galle

සිංහරාජ ව‍නයේ කොටසක් නායයයි, ලංකාගම කොටසක් හුදකලා වෙයි

Published:

නෙළුව, ලංකාගම ප්‍රදේශයේ රත්නහේන දොළ ප්‍රදේශයේ අද (02) නායයාමක් සිදුව ඇතැයි වාර්තා වේ.

අධික වර්ෂාපතනය හේතුවෙන් සිංහරාජ වනාන්තරයේ කොටසක් නාය ගොස් ඇති අතර වනාන්තරය ආසන්නයේ පිහිටි නිවසකට ද බරතල හානි සිදුව ඇත. එම නායයාම සිදුවන අවස්ථාවේ දී නිවැසියන් එහි නොසිටි බැවින් ජීවිත හානි කිසිවක් සිදුව නැතැයි වාර්තා වේ.

නායයාම සිදුවන අවස්ථාවේ නිවසේ හිමිකරු ධම්මික සෝමපාල (55) පුතු සමඟ ගඟේ ජල මට්ටම බැලීමට ගොස් සිටි අතර බිබරිඳ සහ දියණිය වෙනත් නිසවකට ගොස් සිට ඇත.

මෙම නායයාම හේතුවෙන් නෙළුව ලංකාගම මාර්ග‍ය රත්නහේනදොළ ප්‍රදේශයෙන් මුළුමනින්ම අවහිර වී ඇති අතර විදුලිය ද විසන්ධි වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!