27.5 C
Galle

මහ වැසි තවදුරටත්

Published:

වැසි සහිත කාලගුණික තත්වය අද (03) දිනයේ දී ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත.

දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්ව විටින් විට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලි මීටර 100 ඉක්මවූ වැසි ඇතිවන බවත් එම නිවේදනයේ දැක්වේ.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!