27.5 C
Galle

විදුලි පනත සම්මත වෙයි

Published:

ශ්‍රී ලංකා  විදුලි පනත් කෙටුම්පත අද (06) සවස පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 44කින් සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 103ක් ලැබුණු අතර පනතට විරුද්ධව මන්ත්‍රීවරු 59 දෙනකු ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී වජිර අබේවර්ධන සහ සමගි ජන බලවේගයේ සිට ආණ්ඩුවට සම්බන්ධ වූ මන්ත්‍රීවරු පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. අනුර පියදර්ශන යාපා, ප්‍රියංකර ජයරත්න, නිමල් ලන්සා, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න සහ අලි සබ්රි රහිම් යන මන්ත්‍රීවරුද පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමග ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ, නිදහස ජනතා සන්ධානය සහ දෙමළ ජාතික සන්ධානය යන පක්ෂවල මන්ත්‍රීවරු පිරිසයි.

මේ අතර පනත් කෙටුම්පත තෙවැනි වර කියවීම ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත වූ බව කතානායකවරයා දැනුම් දුන්නේය.

Related articles

spot_img
error: Content is protected !!