27.5 C
Galle

වාහන ගෙන්වීමේ අවසරය, ඔක්තෝබර් සිට

Published:

වාහන ආනයනය කිරීමට ලබන ඔක්තෝබර් මාසයේ සිට ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට රජය තීරණය කර තිබේබ.

මෙය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වේ.

මීට පෙර රජය තීරණය කර තිබුණේ ලබන වසරේ ජනවාරි සිට වාහන ආනයනයට අවසර ලබාදීමට වුව ද එය නැවත සංශෝධනය කර ඔක්තෝබර් මාසයේ සිට වාහන ආනයනයට අවසර දී ඇත.

ඒ අනුව ඔක්තෝබර් මාසයේ දී කර්මාන්ත ක්ෂේත්‍රෙය් බාවිතා කරන වාහන සහ බර වාහන ආනයනය කිරීමට අවසර දෙන අතර පසුව යතුරු පැදි සහ ත්‍රී රෝද රථ ගෙන්වීමට ඉන් පසු අවසර ලබාදීමටත් තීරණය කර ඇත.

වාහන ගෙන්වීමේ පිරිවැසය සළකා මිල පරාසය මත පදනම්ව කුඩා මෝටර් රථ ගෙන්වීමේ අවසරය හිමිවන්නේ ඉන් පසුවය. ඉන් අනතුරුව සුඛෝපභෝගී සහ අධි සුඛෝපභොගී වාහන ගෙන්වීමට අවසර ලබාදීමට නියමිතව ඇත.

Related articles

spot_img
error: Content is protected !!