28.1 C
Galle

සාගලගේ රථ පෙළක් වීඩියෝ කළැයි, තරුණයකු අත්අඩංගුවට

Published:

ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක ගමන් ගත් රථ පෙළක් වීඩියෝ කළා යැයි 21 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව ‍කොල්ලුපිටිය පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුවිල් අල් නජාත් මාවත පදිංචි අයෙකි.

කොල්ලුපිටියේ දී ඔහු අත්අඩංගුවට ගෙන ජංගම දුරකථනය ද පොලිස් භාරයට ගෙන තිබේබ.

එම තරුණයා තවත් පුද්ගලයකු සමඟ ඩුබායි තානාපති කාර්යාලය වෙත පැමිණි අවස්ථාාවේ දී මෙලෙස රථ පෙළ වීඩියෝ ගත කර ඇති අතර ඔහු පොලිසියට පවසා ඇත්තේ එවැනි රථ පෙළක් මින් පෙර දැක නොතිබූ බැවින් වීඩියෝ කළ බවයි.

Related articles

spot_img
error: Content is protected !!