25.7 C
Galle

ජනාධිපතිවරණය කල් දාන්න යැයි ඉල්ලූ පෙත්සම ඉවතට. පෙත්සම්කරුට දඩ

Published:

ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) නියෝග කළේය.

ඊට අමතරව පෙත්සම්කරුට රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවක් ද පනවා එය මසක් ඇතුළත අධිකරණයේ තැන්පත් කළයුතු යැයි ද නියම කෙරිණි.  

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී..

ව්‍යවසායකයෙකු වන සී. ඩී. ලෙනව විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Related articles

Recent articles

error: Content is protected !!