31.1 C
Galle

ජනාධිපතිවරණය එපා

Published:

ජනාධිපතිවරණය පැවැත්වීම වලක්වන ලෙස ඉල්ලා නීතීඥවරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද(12) ගොනුකර තිබේ.

මෙම පෙත්සම ගොනුකර ඇත්තේ අරුණ ලක්සිරි නැමැති නීතීඥවරයෙකි. එහිදී ඔහු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තවමත් පාර්ලිමේන්තුවේ නිසි ලෙස සම්මත වී නොමැති බැවින් ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එම පෙත්සම මගින් නීතිඥ අරුණ ලක්සිරි වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසි පරිදි සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් පවත්වන ලෙසයි.

Related articles

spot_img
error: Content is protected !!