26.8 C
Galle

සෞඛ්‍ය ඇමතිට, රේගුවෙන් ඉඟුරු තොගයක්

Published:

ඖෂධ නිෂ්පාදනය සඳහා යොදාගැනීමට රාජසන්තක කර ඇති ඖෂධීය ඉඟුරු තොගයක් සහන මිලට ලබා දෙන්න යැයි කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ විසිනි. රේගුව විසින් රාජසන්තක කර රඳවාගෙන ඇති ඉඟුරු ටොන් 5020ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව වෙත සහන මිලට ලබා දෙන්න යැයි එම යෝජනාව ඉදිරිපත් කර තිබිණි.

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා ලබාගන්නා බෙහෙත් ඉඟුරු වෙළෙඳ පොළේ හිඟ නිසා මෙම ඉල්ලීම කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!