30 C
Galle

බිත්තරයෙන්, ජනතාව හූරා කයි ?

Published:

බිත්තර නිෂ්පාදකයන් රජය සහ වෙළෙන්දන් පවා නොමඟ යවමින් රුපියල් එක් බිත්තරයකින් රුපියල් 25.00ක අයුතු ලාභයක් ලබාගන්නා බවත් මේ පිළිබඳ රජය වහාම අවධානය යොමුකළ යුතු බවත් බිත්තර වෙළෙඳ සංගමය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ බිත්තරයක තොගමිල රුපියල් 45.00ක් ලෙස වෙළෙන්දන්ට ලබාදුන්න ද බිත්තරයක් තොග වෙළෙඳ පොළට පැමි‍ණෙන තුරු සම්පූර්ණ පිරිවැය රුපියල් 20.00ක පවතින බවයි.

රුපියල් 20.00ක නිෂ්පාදන පිරිවැයක් ඇති බිත්තරයක් රුපියල් 45.00ක හෝ 50.00ක තොග මිලට අළෙවි කිරීම අසාධාරණ බව ද බිත්තර වෙළෙඳ සංගමය පෙන්වා දෙයි.

මේ හේතුවෙන් පාරිභෝගිකයන්ට රුපියල් 50.00 – 55.00 අතර මුදලකට බිත්තර මිල දී ගැනීමට සිදුව ඇති බව ද ඔවුන් කියා සිටී.

Related articles

spot_img
error: Content is protected !!