30 C
Galle

ගුරු විදුහල්පතිවරු, අකුරට උගන්වයි

Published:

අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ගුරු විදුහල්පතිවරු කියති. අද (22) සිට සති දෙකක කාලයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් පරාක්‍රම වික්‍රමසිංහ පවසයි.

ඒ අනුව පළාත් අධ්‍යාපන හා කලාප අධ්‍යාපන කාර්යාල නියම කරන වැඩමුළු, තත්ත්ව කව මෙන් ම පුහුණු වැඩසටහන්වලට සහභාගී නොවන බව ද ඔවුහු කියති.

ඉදිරි දෙසතිය තුළ ඔවුන් සිදුකරන්නේ පන්ති කාමරවල ඉගැන්වීමේ කටයුතු පමණි. සියලු බාහිර කටයුතුවලින් ඉවත්ව සිටියි.

Related articles

spot_img
error: Content is protected !!