29.4 C
Galle

ලෙබනනයට යන්න එපා

Published:

මැද පෙරදිග කළාපයේ හටගෙන ඇති නොසනුසුන්කාරී තත්ත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය කටයුතුතකට හැරෙන්නට ඉදිරි දින කිහිපයේ ලෙබනනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස විදේශ කටයුතු ඇමති අලි සබිරි ඉල්ලීමක් කර තිබේ.

හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හානියේ ඉරානයේදී ඝාතනය වීමෙන් පසු මෙලෙස නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය.

ඉස්මයිල් හානියේ ඝාතනය කළේ ඊශ්‍රයලය විසින් බවට චෝදනා එල්ල වී ඇති අතර හමාස් සංවිධානය සහ ඉරානය ඇතුළු පාර්ශව කිහිපයක්ම මෙම ඝාතකයන්ට සමාව නොදෙන බව පවසා ඇත.

කෙසේවුවද මේ වන විට ලෙබනනයේ ශ්‍රී ලාංකිකයන් 5 000ක් පමණ රැඳී සිටිය බව වාර්තා වෙයි.

Related articles

spot_img
error: Content is protected !!