29.4 C
Galle

ළමා දිවා සුරැකුම් ආයතන පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්

Published:

ළමා දිවා සුරැකුම් පහසුකම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ළමා දිවා සුරැකුම් සේවාව සෑම පළාතකම  එකම ප්‍රමිතියෙන් ක්‍රියාත්මක කිරීමටත්, විධිමත් නියාමන හා අධීක්ෂණ යාන්ත්‍රණයක් හඳුන්වා දීම සහතික කිරීමටත් ළමා දිවා සුරැකුම් පහසුකම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කර තිබේ. 

ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය වෙනුවෙන්  ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

දිවයින පුරා පිහිටි සියලුම ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන වල එකම කාර්ය පටිපාටියක් අනුගමනය කෙරෙන බව සහතික කිරීමත් විධිමත් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමත් අරමුණු කර ගනිමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් 2017 වර්ෂයේදී ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වන ජාතික මාර්‌ගෝපදේශ හඳුන්වා දී ඇත. 

Related articles

spot_img
error: Content is protected !!