29.4 C
Galle

විශ්‍රාමිකයින්ට තුන්දහස ගෙවීම මැතිවරණ කොමිසමෙන් නවත්වයි

Published:

විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා සකස් කරන තුරු, රජය ගෙවීමට තීරණය කළ රුපියල් 3000ක දීමනාව සැප්තැම්බර් මාසයේ නොගෙවන ලෙස මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශයට දන්වා තිබේ.

එහිදී මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශයට දන්වා ඇත්තේ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති හෙයින් අලුතින් දීමනාවක් ගෙවීමට අවසර ලබාදිය නොහැකි බවයි.

ඒ අනුව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේ සැප්තැම්බර් මාසයට අදාල රුපියල් 3000 ද සමග රුපියල් 6000ක දීමනාවක් ඔක්තෝබර් මාසයේ සිට ගෙවන බවයි.

කෙසේවුවද විශ්‍රාමිකයන්ට ඉකුත් අප්‍රේල් මාසයේ සිට ලබාදෙන රුපියල් 2500 දීමනාව එලෙසින්ම දිගටම ලබාදෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!