27.4 C
Galle

ඇප ලබා නිවසට ගිය අයකු කරාපිටියේ දී ආසාදිත බව හඳුනාගනී

Published:

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිට ඇප මත නිදහස් වූ පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් ඔහු ඇසුරුකළ පුද්ගලයන් සොයා නිරෝධායනයට යොමුකළ බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම පුද්ගලයා ඇප ලබා අම්බලන්ගොඩ මාදම්පාගම ගලගොඩ නව ජනපදයේ පිහිටි තම නිවසට පැමිණ ඇත්තේ පසුගිය 13 වැනි දා ය. නිවසේ දී අසනීප වීම හේතුවෙන් ඔහු පසුගිය 17 වැනි දා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දී සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයකින් ආසාදිතයකු බව හඳුනාගෙන තිබේ.

එම පුද්ගලයා නිවසට පැමිණි කාලයේ ඇසුරු කළ පුද්ගලයන් සොයා ඔවුන් නිරෝධායනයට යොමුකිරීමට මේ වනවිට කටයුතු කරමින් සිටියි.

Related articles

spot_img
error: Content is protected !!