30.5 C
Galle

ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

Published:

‘සිංහලේ’ ජාතික සංවිධායක සහ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් අද උදෑසන දිවයිනට පැමිණි පසු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී (BIA) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පැවසීය. ඩුබායි සිට මෙරරට පැමිණෙමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

2024 දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට නොගන්නා ලෙස නාන්නේරිය පොලිස් ස්ථානාධිපතිවරයාට බලපෑම් කළ බවට චෝදනා එල්ල වී ඇති ඩෑන් ප්‍රියසාද්ට එරෙහිව නිකවැරටිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කළ බව ඔහු පැවසීය.

ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඩෑන් ප්‍රියසාද්ට විදේශ ගමන් තහනමක් නිකුත් කර තිබූ අතර, ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නියෝගයක් ද නිකුත් කර තිබුණි.

වැඩිදුර පරීක්ෂණ සඳහා ඩෑන් ප්‍රියසාද් නිකවැරටිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන යාමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!