29.4 C
Galle

පකිස්තානයේ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව වැඩි වෙයි

Published:

නිරිතදිග පකිස්තානයේ, බලුකිස්තාන් ප්‍රදේශයේ ඊයේ (14) සිදු වූ බෝම්බ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 11 දෙනකු දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පතල් කම්කරුවන් පිරිසක් රැගෙන යමින් තිබූ වාහනයක් ඉලක්ක කරගෙන මෙම බෝම්බ ප්‍රහාරය එලල් වී ඇත.

තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 06 දෙනෙකි.

බලුකිස්තාන විමුක්ති කණ්ඩායම මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි පකිස්තාන බලධාරීන් විශ්වාස කරයි. මෙවැනි ප්‍රහාර ගණනාවක් පසුගිය කාලයේදී එම ප්‍රදේශයේ සිදුව තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!