30.5 C
Galle

කෝටි 36ක හෂීෂ් සමග කැනේඩියානු කත අත්අඩංගුවට

Published:

රුපියල් කෝටි 36 කට ආසන්න වටිනාකමකින් යුත් “හෂීෂ්” තොගයක් සමඟ විදේශීය කාන්තාවක් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

36 හැවිරිදි කැනේඩියානු කාන්තාව ඊයේ රාත්‍රියේ කැනඩාවේ ටොරොන්ටෝ සිට පැමිණි අවස්ථාවේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුවට ලැබුණු ජාත්‍යන්තර බුද්ධි තොරතුරකට අනුව ඇය අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බව ද වාර්තා වේ.

ඇය රැගෙන ආ ගමන් මලු දෙකක ඇඳ ඇතිරිලි කිහිපයක සඟවා තිබූ “හෂීෂ්” කිලෝග්‍රෑම් 36.5 ක් රේගු නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී.

බලධාරීන් සැක කරන්නේ මෙම මත්ද්‍රව්‍ය වෙනත් රටකට නැවත අපනයනය කිරීමට අදහස් කර ඇති බවයි. 

කැනේඩියානු කාන්තාව සහ මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!