27.6 C
Galle

පළාත් පාලන ඡන්ද විමසීමේ පනත බලාත්මකයි

Published:

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද (17) සවස පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය. එහි දී පනතට පක්ෂව ඡන්ද 187ක් ලැබිණි.

ඡන්දය විමසන අවස්ථාවේ දී පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටි සියලු මන්ත්‍රීවරු මෙම පනතට පක්ෂව ඡන්දය පාවිච්චි කළ අතර කිසිවෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියේ ද නැත.

පසුව, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාව ආරම්භ විය. එම අවස්ථාවේ දී ද ඡන්ද 158ක් හිමි වූ අතර කිසිවෙකුත් විරුද්ධ වූයේ නැත.

ඡන්ද විමසීමෙන් අනතුරුව කතානායකවරයා දැනුම් දුන්නේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත සංශෝධණ නොමැතිව විශේෂ බහුතරයකින් සම්මත වූ බවයි.

එලෙස සම්මත වූ පනත සඳහා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අත්සන් තැබීම ද ඊයේ (17) සවස ම පාර්ලිමේන්තුවේ දී සිදුකළේය.

මෙම පනත් කෙටුම්පත 2025 අංක 01 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)  පනත ලෙස බලාත්මක වේ.

Related articles

spot_img
error: Content is protected !!