30 C
Galle

සංජීව ඝාතන සැකකරු හිටපු හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක්

Published:

ගණේමුල්ලේ සංජීව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ශ්‍රී ලංකා හමුදාවේ හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකු බව හඳුනාගෙන තිබේ.

පුත්තලම, පාලවිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින්, සුඛෝපභෝගී වෑන් රථයකින් ගමන් කරමින් සිටි සැකකරු ඊයේ(19) සවස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු 34 හැවිරිදි මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් ලෙස හඳුනාගෙන තිබේ. මොහු පසුගිය කාලය පුරා සීදූව සහ ගල්කිස්ස පොළිස් වසම් වල සිදුවූ ඝාතන හතකට පමණ සම්බන්ද පුද්ගලයෙකු බවද පොලිස් ආරංචිමාර්ග පවසයි.

ඝාතන සැකකරුට සහාය වූ කාන්තාව මෙතෙක් අත්අඩංගුවට ගැනීමට අසමත් වී තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!