30.5 C
Galle

වන්දනා නඩයක් ගිය බසයක් ගිනිගනී. අයෙක් මරුට

Published:

අනුරාධපුරය ජේතවනාරාමය අසළ විශ්‍රාම ශාලාවකට වන්දනා නඩයක් රැගෙන ආ බසයක් අද (22) අලුයම ගිනිගෙන විනාශ වී එක් අයකු මියගොස් ඇතැයි උඩමළුව පොලිසිය පවසයි.

ඇඹිලිපිටියේ සිට මෙම බස්රථයෙන් අනුරාධපුරයට පැමිණි පිරිස ජේතවනාරාමය අසළ විශ්‍රාම ශාලවේ ඊයේ (21) රාත්‍රී නවාතැන් ගෙන ඇත. අනතුරින් මියගොස් ඇත්තේ ඇඹිලිපිටියේ සිට පැමිණි 55 හැවිරිදි පුද්ගලයෙකි.

අනුරාධපුර නගර සභා ගිනි නිවීමේ ඒකකය, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා ඇතත් ගින්නෙන් බසය සම්පූර්ණයෙන් ම විනාශ වී ඇත. උඩමළුව පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!