28.3 C
Galle

සංජීව ඝාතනයේ තවත් සැකකරුවන් දෙදෙනකු රිමාන්ඩ්

Published:

ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනකු ලබන 07 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය.  

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති දෙදෙනාගෙන් එක් අයෙක් එම ඝාතනයේ වෙඩික්කරු ලෙස සැකකරන පුද්ගලයා කඩුවෙළ සිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දක්වා රැගෙන ආ රියදුරාය. අනෙක් සැකකරු අතුරුගිරිය පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකි.

ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගයන් 05 දෙනකු පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!